නිධාණය....
දන්නවාද..
බොහෝ දෙනෙක් අපි කැලේට වෙලා ඉන්නකොට අහන්නේ නිදන් හාරනවාද කියා. ඔවුන්ගේ ප්‍රශ්නයට නම් දිය යුතු පිලිතුර නම් නැත යන්නයි. නමුත් නිධානයන් සමග තමයි කටයුතු කරන්නේ. සමහර විට ගොඩ ගන්නවා සමහර විට තැම්පත් කරනවා....
මෙය තේරුම් ගන්න නම් ඉදිරියටම කියවන්න වෙනවා.
දවසක් කොසොල් රජතුමාට මුදලක අවශ්‍ය තාවක් ඇතිවෙනවා. මෙහෙම අවශ්‍යතාවක් ඇති වු විට රජතුමා කරන්නෙ රටේ ප්‍රධාන සිටුවරයකුව ගෙන්වාගෙන එය ණය මුදලක් ලෙස හෝ ආධාරයක් ලෙස ලබාගැණිමයි.
ඉතින් එදාත් පණිවිඩ කරුවෙක් පිටත්කර හැරියා සිටුවරයා වෙත.
පණිවිඩ කරුවා....
ස්වාමීණි රජතුමා කියා සිටියා ඔබතුමාට රජ වාසලට එන්න කියලා
සිටුතුමා..
රාජ පුරුෂය යන්න රජතුමාට කියන්න මට දැන් එන්න විදිහක් නැහැ. හවසට එන්නම් කියලා...
මේක රාජපුරුෂයාට නුපුරුදු පිළිතුරක්. මොකද රජ අන කවදාවත් සිටුතුමා වෙන කවදාවත් ප්‍රතික්ෂේප කරල නෑ.
ඒකනිසා රාජපුරුෂයා අහනවා
සිටුතුමනි රජතුමා ඇහුවොත් මම කුමක්ද කියන්නේ..
සිටුතුමා..
ඔබ කියන්න සිටුතුමා නිධානයක් තැන්පත් කරමින් සිටින්නේ කියල. ඒක ඉවරවෙලා එන්නම් කිවුවා කියල.
ඉතින් රාජපුරුෂයා ආපසුගියා. රජතුමාට විස්තරය කිවුවා. බොහෝ පිරිසක් සිටින බවත් කිවුවා.
මේ වෙලේ රජතුමාට බියක් සහ කලකිරීමක් ඇතිවුනා සිටුතුමා ගැන. මිනිසුන් නිධාන කරන්න හේතු වෙනවා රජතුමා ගැන සැක කරල. නැතිනම් රහසේ ධණය රැස් කරන්නේ කුමටද. යුද්ධයකට වත් ලෑස්ති වෙනවාද දන්නේනෑ. පිරිසත් එක්ක එකතු වෙලා.
මෙහෙම හිතලා රජතුමාම යන්න සූදානම් වුනා විශාල සේනාවකුත් සමග. රජතුමා සිටු නිවසට නොදන්වාම ගියා.
වත්තට ඇතුළු වන විටදී දැක්ක සිදුවීමෙන් භය දුරුවෙලා ගියා.
තථාගතයාණන් වහන්සේත් මහාසඟරුවනත් නිවස
තුල වැඩසිටිනවා දැක්කා. තමන්ගේ සේනාව දුරදීම නවත්තල තනියම සිටු නිවසට ගියා. දානය ඉවරවෙලා සියළු දෙනාම බන අහන්න සූදානම් වෙනවා .. රජතුමාත් කලබලයක් ඇති නොකොට පිරිස් කෙලවර වාඩි උනා.
එදා රජතුමාත් සිතුවේ සිටුතුමා තමන්ගේ ධණය සඟවනවා කියලා. රජතුමාගන් ආරක්ෂා කර ගන්න . එහෙම නැතිනම් රජුන් සමග යුධ වදින්න සේනාවක් රැස් කරන්න කියලා.
මිනිසුන් පුරුදු වෙලා තියෙන්නේම අහන දේකින් එකපාරටම තීරණයකට එන්න.
මේ වෙලාවෙ තමයි රජතුමාටත් තේරුනේ මෙතන මොකද්ද වෙන්නේ කියල. ඒක නිසා අපිත් තේරුම් ගන්න ඕන දෙයක් කාගෙන්වත් අහපු පලියට ඒක ඒ ආකාරයෙන්ම පිළිනොගෙන ඊට අදාල මාර්ගයකින් විමසා බලන්න.
අපි කථාවෙන් පිට ගිය. රජතුමා පිරිස් කෙලවර ඉන්නවා බුදුරජාණන් වහන්සේ දන්නවා. මෙතන මීට පෙර සිදුවු සිදුවීමත් තථාගතයාණන් වහන්සේ දන්නවා. ඒක නිසා එදා උන්වහන්සේ නිධානය යනු මොකක්ද කියා විස්තර කරමින් ධඒමය දේශනා කලා....
නිධිං නිදේතී පුරිසෝ ගම්භීරේ ඔදකන්තිකේ.....
යන ආදී වශයෙන්....
මම ඒක සිංහලෙන්ම විස්තර කරන්නම්.
යම් අවස්ථාවක ප්‍රයොජනයට ගැනීම පිණිස මිනිසෙක් ජලය හමුවනතෙක් හාරා තම ධණය නිදන් කරනවා..රජුන් තමන්ගේ ධණය පැහැර ගත්තොත් නැතිනම් සොරු සොරකම් කලොත් තවද ණයෙන් මිදීමටත් දුර්භීක්ෂයකදී හො ආපදාවකදී ප්‍රයොජන ගැනීමේ අදහසින් තමයි මේ නිධාන කරන්නේ....
නමුත් මේ සියලු නිධානයන් ඔවුන්ට අර්ථ පිණිසම පවතින්නේ නෑ. ඒ කියන්නේ මේවා නැතිවෙනවා. අමතක වෙනවා. දන්න කෙනෙක් හොරෙන් ගන්න පුළුවන් . යක්ෂයින් අරක්ගන්න පුළුවන් . ගංවතුරින් නාය යෑම් භූමි කම්පා නිසා නැතිවෙන්න පුළුවන් .
නමුත් යම් ගැහැනු කොනක් හරි පිරිමි කෙනෙක්හෝ
දන් පැන් පූජා කිරීමෙන්ද...
සිල් ආරක්ෂා කිරීම තුලින්ද....
චිත්ත භාවනා වලින්ද.....
විදර්ශනාව නම් වු ප්‍රඥාවෙන්ද
නිධානයක් කලානම් අන්න ඒක අනුගාමික පුන්‍ය නිධානය කියලා හඳුන්වා දෙන්න පුළුවන් ....
තවද. චෛත්‍ය වන්දනා....
සංඝයාට ද. නොයෙක් පුද්ගලයන් කෙරෙහිද. මවපියාකෙරෙහිද. සහෝදර සහොදරියන් කෙරෙහිද උපකාර ගරුබුහුමන් කරමින් කටයුතු කරනවානම් අන්න ඒක තමා නිධානය... අනුගාමිකපුන්‍ය නිධනය කියා හදුන්වනු ලබයි.
මේ පුඤ්ඤ නිධානය සියළු දෙවු මිනිසුන්ට සැප සව්පත් දෙන ධණ නිධානයක් වෙයි. මක්නිසාද යත් පෙර කල කුසල් නිසා තමයි සෑම දෙනාම මේ ජීවිතයේ සැප සම්පත් ලබන්නේ...
පසුකාලීනව ලැබූ සැපසම්පත් අනිසිලෙස භාවිතා කලත් අර කුසලය ගෙවෙනකම් ඒ අය සැපයෙන් පිරිහෙන්නේ නැත්තේ ඒකයි.
අපි මොනවා කිවුවත් බොහො වෙහෙස මහන්සි වෙලා වැඩ කලත් සමහර කෙවනකුට සැප සම්පත් නොලැබෙන්නේත් පෙරත් ඒ අය ඒ සඳහා අවශ්‍ය කුසල් කරලා නෑ. කර්මය හරිම සංකීර්ණයි. එකම කුසලය කලත් අපි ඒවා හා යෙදෙන්නේ නා නා ආකාරයෙන් නිසා විපාකයත් ඒ වාගේ. ඒක නිසා තමයි කියන්නේ පුන්‍ය නිධානය තමයි අනෙක් සෑම නිධානයකටම උපකාර කරන්නේ.
එහෙනම් අනෙක් නිධාන මොනවාද ....
1. ස්ථාවර නිධානය.
2. ජංගම නිධානය.
3. අංගසම නිධානය.
4. අනුගාමික පුන්‍ය නිධානය.
ථාවර නිධානය යනු තමා සතුව ඇති පන නැති වස්තුවයි.
එනම් ගෙවල් දොරවල්....
යාන වාහන...
මිල මුදල් ආදී දේයි.
ජංගම නිධානය යනු පන ඇතිධණයයි.
දස්වක සේවිකාවෝ ...
හරකුන් බල්ලන් වැනි තිරිසන් සතුන්
අංගසම නිධානය යනු ඉගන ගත් දේවල්. පුරුදු පුහුණු කල
දේවල්.
අනුගාමික නිධානය යනු කරන ලද පිං . කුසල් මේවා.
මුලින් කියන ලද නිධාන තුනටම පොදු ලක්ෂන කීපයක් තියෙනවා
රජුන්ට සාධාරනයි. ඒ කියන්නේ රජුට විනාශ කරන්න හෝ තමා මතු කරගන්න පුළුවන්
සොරුන්ට සාධාරනයි
අකමැති ඥාතීන්ට සාධාරනයි
ගංවතුර සුලිසුලං
නාය යෑම් ආදී ස්භාවික විපත් වලට සාධාරනයි
නමුත් අනුගාමික පුන්‍ය නිධානය එහෙම වෙන්නේ නෑ. පිනට ලැබුනු යමක් වේ නම් ඒ පින ගෙවී යනකම් ඒ කාමවස්තූන් කාටවත් විනාශ කරන්න බෑ.
ඔබ දන්නවා සමහර ස්භාවික විපත් වලදී සමහර බොහො පිරිසකගේ වස්තුව විනාශ වෙද්දී කෙනෙකුගේ දේවල් ආරක්ෂා වෙනවා...
සමහර විපත් අවසානයේ ඒ අයට තිබුනට වඩා ලැබෙනවා. එක තමයි පුන්‍ය නිධානය කියලා කියන්නේ..
ඉතින් අපිත් කැලේට වෙලා එවැනි පිං කරන නිසා වරෙක නිධාන තැන්පත් කරනවා. වරෙක සමත විදසුන් වඩන විට පෙර පිං ගෙවන නිසා නිධාන ගොඩ දානවා කියන්නත් පුළුවන් කෙසේ නමුත් වනගත භික්ෂුවක් සීල සමාධි ප්‍රඥා පුරන විට ගමේ ඉන්න ඇත්තන්ට සාදු නාද පැවැත්වීමෙන්ද නිධානයන් තැන්පත් කර ගත හැකිය.
නමුත් අවාසනාවකට ඉරිසියාව නිසාදෝ බැන වැදී තම පෙර නිධානයන්ද විනාශ කරගන්නේය....
තෙරුවන් සරණයි .......
සිරේඨාතු තිලක්ඛනං.....
අනිත්‍ය දුක්ක අනත්ත යන තිලක්ෂනය මස්තකයේ පිහිටාවා...
- [ ]
©2022 by nipunadhamma
sinhala dharma desana | pirith | bhawana
0 Comments